දකුණුදිග පෝලන්තයේ මීට දශක 7කට පෙර දෙවැනි ලෝක යුධ සමයේදී නාසීන් මිලියන ගණනක් අමු අමුවේ මරා දැමුණු අවුෂ්විට්ස් කඳවුර වෙත එදා ඒ කඳවුරේ සිට දිවිගලවා ගත්තවුන් 300ක් පමණ පසුගියදා පැමිණියේය.
අවුෂ්විට්ස් කඳවුර නිදහස් කරගැනීමේ 70 වැනි සැමරුම පසුගියදා පැවති අතර, මෙම කඳවුරේදී මරා දැමුණු යුදෙව්වන් ගණන මිලියන 1.1 කි.
සෝවියට හමුදා පැමිණ එය මුදා ගැනීමත් සමග ජීවිත බේරාගැනීමට පිරිසකට අවස්ථාව හිමි වුවත්, ඒ වනවිටත් ඒ මහා මනුෂ්‍ය සංහාරය සිදුව තිබුණි.
1945 ජනවාරි 27 වැනිදා මුදා ගැනුණු කඳවුර 1947 දී කෞතුකාගාරයක් බවට පත්විය.