ඉස්ලාමීය රාජ්‍යයේ හා වෙනත් ත්‍රස්ත සංවිධාන පාලනය වෙනුවෙන් අවි ආයුධ වෙළෙඳාම් සඳහා තාවකාලික තහනමක් පනවන ලෙස ලිබියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
ලිබියානු විදේශ අමාත්‍ය මොහොමඩ් අල්-ඩයිරි පෙන්වා දෙන්නේ මෙවැනි පියවරකදී රටේ ආරක්ෂක අංශ තරකරමින් ත්රස්තවාදයට තිත තැබීමට අවස්ථාව ලැබෙන බවයි.
මේ අතර, ඊජිප්තුව මේ වනවිටත් ලිබියාවේ ඉල්ලීමට සහාය පළ කර ඇති අතර, බදාදා දිනයේ ආරක්ෂක කවුන්සිලයේ හිදසි සැසිවාරයේදී මෙම තීරණය ප්‍රකාශ කර තිබේ. 2011 වසරේ සිට කැරලිකරුවන් ලිබියාවේ ත්රස්තක්රියාවල නිරත වෙයි.