ශාන්තිකර සාගර පතුලේ ගිනිකඳු පිපිරීමත් සමග අලුතින් මතුවූ ස්නූපි දූපත මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ජපාන විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ටෝකියෝ නගරයෙන් දකුණුදිගට වන්නට සැතපුම් 620ක් පමණ දුර මුහුදේ මතුව ආ මෙම දූපත ජපානයට අයත් කලාපයේම පවතින්නකි.
ගුවනින් ගත් ඡායාරූපවලට අනුව දූපතින් නිකුත්වන ලාවා මෙය තවදුරටත් වර්ධනය වීමටත්, එහි හැඩය වෙනස්වීමටත් හේතු වී අති බව තහවුරු කරයි.
එක් අවස්ථාවක මෙම දූපතේ හැඩය ප්‍රකට කාටූන් චරිතයක් වන ස්නූපි සුනඛයාගේ හැඩය ගත් නිසා මුල් කාලයේදී මෙම දූපත ස්නූපි දූපත ලෙසද ප්‍රසිද්ධ විය.
කෙසේ වෙතත්, පසුගිය නොවැම්බරයේදී මෙම දූපත මතුවූ අවස්ථාව හා සැසඳීමේදී මේ වනවිට එය මුල් තත්ත්වයට වඩා තිස් ගුණයකින් වර්ධනය වී ඇති බව විද්‍යාඥයෝ පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ ගිනිකන්ද උපරිම ක්‍රියාකාරීත්වයෙන් පවතින නිසා මෙම දූපත තවදුරටත් වර්ධනය වන බවය. එසේ දූපත ඉතා වේගයෙන් වැඩීමත් සමග එහි හැඩයද ශීඝ්‍රයෙන් වෙනස් වන බව ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම, ජපාන වෙරළ ආරක්ෂකයන් එරට සංචාරකයන්ට අනතුරු අඟවා ඇත්තේ මේ දූපත ආශ්රිත කලාපය අතිශය අවදානමක් පවතින නිසා හැකි තරම් ඉන් ඉවත්ව සිටින ලෙසය.