අප සෞරග්‍රහ මණ්ඩලයට සමීප තවත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා සිදුකරන පර්යේෂණ තවත් දශක කිහිපයකින් ආරම්භ කිරීමට විද්‍යාඥයන් සූදානම් වෙයි.
ලෝකයේ වඩාත් ප්‍රකට විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆන් හොව්කින්ගේ සහාය මේ සඳහා ලැබෙන අතර, ඒ වෙනුවෙන් නවතම ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන බවද සඳහන් වේ.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, එදාමෙදා තුර අභ්‍යවකාශ යානයක් අභ්‍යවකාශයේ ගමන් කළ දුර අභිභවමින් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඉතා සමීපයෙන් වූ නව සෞරග්‍රහ මණ්ඩලයක් සොයා යන අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කෙරෙනු ඇත.
දැනට පවතින තාක්ෂණය අනුව අප සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි වූ ආසන්නතම ග්‍රහලෝකය වෙත ළඟා වීමට තවත් වසර තිස් දහසක් ගත වනු ඇත.
නමුත්, මේ සඳහාම විශේෂයෙන් සැකසූ සැහැල්ලු යානාවක් නිර්මාණය කිරීමට හැකි වුවහොත් එම ගමනාන්තය වෙත වසර 30කින් ළඟවිය හැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.