ඇ.ඩොලර් හත්ලක්ෂ පනස් දහසක් වටිනා රන් ආභරණ හින්දු කෝවිලකට පූජා කිරීමට ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ මහ ඇමති චන්ද්‍රසේකර් රාඕ කටයුතු කිරීමත් සමග එරට තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
මහ ඇමතිවරයා විසින්ම වටිනා රන්මාලයක්, රන්මල්දමක් සහ නාස් පළඳනාවක් ප්‍රකට හින්දු කෝවිලක් පූජා කරනු ලැබ ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දීය මධ්‍යම රජය විසින් තෙලන්ගානා නමින් නව ප්‍රාන්තයක් බිහිකිරීම සම්බන්ධයෙන් දෙවියන්ට තුටු පඬුරු ලබාදීමක් ලෙස මහ ඇමති චන්ද්‍රසේකර් රාඕ මෙම රන් පූජාව සිදුකර ඇති බව සඳහන් වෙයි.
ඉන්දීයාව මෑතකදී එරට නවතම ප්‍රාන්තය ලෙස තෙලන්ගානා බිහි කළේය.
කෙසේ වෙතත්, ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් සිදුකරන ලද රන් පූජාව මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස විවේචන එල්ල වෙමින් තිබේ.
මෙම මහ ඇමතිවරයා පසුගිය නොවැම්බර් මාසයේදී වෙඩි නොවදින නාන කාමරයක් හා සිනමා ශාලාවක් සහිත අලුත් නිවසක පදිංචියට යෑමද එරට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.