අලි ඇතුන් 17ක් දීර්ඝ ගුවන් ගමනක
අලි ඇතුන් 17 දෙනෙකු ගුවන් මගින් ස්වාසිලන්තයේ සිට ඇමෙරිකාව දක්වා ගුවන් මගින් ප්‍රවාහනය කළ පුවතක් වාර්තා වෙයි.
මෙසේ අලි ඇතුන් ප්‍රවාහනය කිරීමට පෙර එම සතුන් විශේෂ රැඳවුම් කුටිවල රඳවා විශේෂ යානයකට පටවා ඇති අතර, එම සතුන්ට කිසිදු අපහසුවක් නොවන අයුරින් මෙම ගුවන් ගමන සිදුව ඇති බවද කියැවෙයි.
ඇමෙරිකාවට පැමිණිමෙන් පසුව එම අලි ඇතුන්ගෙන් පස් දෙනෙකු ඩලාස් සත්වෝද්‍යානය වෙත පොලිස් ආරක්ෂාව සහිතව ප්‍රවාහනය කර ඇත.
සෙසු අලින් 12 දෙනා කන්සාස් හි සෙඩ්විග්ක් සත්වෝද්‍යානය හා නෙබ්‍රස්කා හි හෙන්රි ඩූර්ලි සත්වෝද්‍යානය වෙත ප්‍රවාහනය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම අලි ඇතුන් මෙසේ නව වාසස්ථාන වෙත ගෙන ඒම සම්බන්ධයෙන් සත්ව අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ දැඩි විරෝධයක් මුල සිටම පැවති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, ස්වාසිලන්තයේ පවතින නියඟය හේතුවෙන් මෙසේ සිය සත්වෝද්‍යානයේ සිටි සතුන් ඇමෙරිකාව වෙත ලබාදුන් බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
