අල්-ෂබාබ් අන්තවාදීන් විසින් පසුගියදා සිදුකළ මිනිස් සංහාරයට පසුව කෙන්යාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හා පොලිස් ප්‍රධානියා වෙනස් කිරීමට එරට ජනාධිපති උහුරු කෙන්යාටා කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවේදී ජාතිය ඇමතූ කෙන්යානු නායකයා ජනතාවට එක්වන ලෙස ඉල්ලීමක් කළ අතර, ත්රස්තවාදයට එරෙහි යුද්ධය හමුවේ හැකිලීමක් සිදු නොවිය යුතු බව අවධාරණය කළේය.
සෝමාලියානු දේශසීමා ආසන්න ගල් වලක සේවය කරමින් සිටි කම්කරුවන් 36 දෙනෙකු මෙසේ අල්-ෂබාබ් ත්රස්තවාදීන් විසින් සමූල ඝාතනය කර තිබුණි.
මධ්‍යම රාත්රියේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, එම අවස්ථාවේදී වැඩි පිරිසක් තමන්ගේ කූඩාරම්වල නින්දේ පසුව ඇති බව කියැවෙයි.
එහිදී, මුස්ලිම් නොවන කම්කරුවන් තෝරා බේරාගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බවද එරට ආරක්ෂක අංශ අවධාරණය කරයි.