ඊසානදිග කෙන්යාව තුළ සෝමාලියානු අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් නවක සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව බී.බී.සී.ය කියයි.
කෙන්යානු බුද්ධි අංශ හා දේශපාලඥයන් අල්-ෂබාබ් අන්තවාදීන්ට එරෙහිව දරුණු සටනක නිරත වන බව පවසා සිටියත්, ඔවුන්ගේ කතා බොරු කරමින් මෙම බඳවා ගැනීම් සිදුවන බව කියැවෙයි.
එක් නගරයක පමණක් කෙන්යානු තරුණයන් 26 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් අල්-ෂබාබ් අන්තවාදීන් සමග එකතු වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මීට සති දෙකකට පෙර කෙන්යානු විශ්වවිද්‍යාලයකට එල්ල වූ අල්-ෂබාබ් ප්‍රහාරයකින් පුද්ගලයන් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් බහුතරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වූහ.