(UPDATE) ඉරාකයේ මොසුල් නගරයේ වූ පෞරාණික අල්-නූර් මුස්ලිම් දේවස්ථානය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් විසින් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැර තිබේ.
ඓතිහාසික ස්මාරකයක් ලෙස සැලකෙන මෙම මුස්ලිම් දේවස්ථානය පසුගිය කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ, වර්ෂ 2014 දී ඉස්ලාම් රාජ්‍යයේ නායක අබු බකර් අල්-බග්දාදි මෙහි සිට ඉස්ලාම් රාජ්‍ය ප්‍රසිද්ධියට පත්කළ නිසාවෙනි.
මේ අතර, ඉස්ලාම් රාජ්‍යය ත්රස්තයන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම මුස්ලිම් දේවස්ථානය ඇමෙරිකානු ප්‍රහාරක යානා විසින් බෝම්බ දමා විනාශ කළ බවයි.
කෙසේ වෙතත්, ඉරාක අගමැති හයිඩර් අල්-අබේදි පවසන්නේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් තම පරාජය නිල වශයෙන් භාරගැනීම මෙම මුස්ලිම් දේවස්ථානය පුපුරුවා හැරීමෙන් පිළිබිඹු වන බවකි.
ඉරාකයේ මොසුල් නගරය යළි අත්පත් කරගැනීමේ මෙහෙයුමේ ඉරාක හමුදා අණදෙන නිලධාරියා පවසන්නේ, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් සිදුකළ තවත් ඓතිහාසික අපරාධයක් ලෙස සැලකෙන පුපුරුවා හැරි අල්-නූර් දේවස්ථානයට මීටර් 50ක් පමණ ඔබ්බෙන් තම හමුදා රැඳී සිටින බවයි.
එමෙන්ම, ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා අණදෙන නිලධාරියා පවසන්නේ, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් ඉරාකයේ සහ මොසුල් නගරයේ මිල කළ නොහැකි ස්මාරකයක් විනාශ කර ඇති බවයි.
"මෙය මොසුල් නගරයේ ජනතාව වගේම සමස්ත ඉරාක ජනතාවට එරෙහිව සිදුකළ අපරාධයක්. මේ ම්ලේච්ඡ සංවිධානය මිහිතලයෙන් අතුගා දැමිය යුතු වන්නේ මේ නිසයි" යනුවෙන් මේජර් ජෙරනාල් ජෝසප් මාර්ටින් පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් විනාශයට පත්කළ පළමු ඓතිහාසික ස්මාරකය මෙය නොවන අතර, ඔවුන් සිරියාව හා ඉරාකය තුළ මෙවැනි ස්මාරක රැසක් විනාශ කළේය.
එමෙන්ම, මීට පෙර තලේබාන් සංවිධානය විසින්ද මේ ආකාරයෙන්ම කටයුතු කළ අතර, ඔවුන් ඇෆ්ගනිස්ථානයේ පිහිටි අතිශය පෞරාණික බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ බෝම්බ දමා විනාශ කළේ ලොව පුරා බෞද්ධයන්ගේ හදවත් තුළ දැඩි සංවේගයක් ඇති කරමිනි.