අල්-කයිඩා ත්රස්ත සංවිධානය මෙන්ම, එහි මහා මොළකරු වූ ඔසාමා බින් ලාඩ්න් එවකට ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට හමුදාවට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකාව විසින් පෝෂණය කළ සංවිධානයක් බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් චෝදනා කරයි.
එමෙන්ම, රුසියාවේ ක්රියාත්මක වන චෙච්නියා ගරිල්ලන් සඳහා ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය සහාය දක්වන බවට සාක්ෂි පවතින බවද රුසියානු ජනාධිපතිවරයා පවසයි.
අල්-කයිඩා සංවිධානය ඇතුළු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල බිහිවීම සම්බන්ධයෙන් රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු නායකයා මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
"අල්-කයිඩාව කියන්නෙ අපේ ක්රියාවන්ගේ ප්රතිඵලයක් නොවෙයි. එය අපේ ඇමෙරිකානු මිතුරන්ගේ ක්රියාවක ප්රතිඵලයක්. ඇෆ්ගනිස්ථානයේ පැවති සෝවියට යුද සමය දක්වා මෙහි ආරම්භය දිව යනවා. ඇෆ්ගනිස්ථානයේ සෝවියට හමුදාවන්ට මුහුණදීමට නොහැකි වූ ඇමෙරිකානු ආරක්ෂක අංශ විවිධ ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායම් වෙත සහාය ලබාදුන්නා. අල්-කයිඩාව මෙන්ම බින් ලාඩ්න් පෝෂණය කළේ ඇමෙරිකානු කණ්ඩායමයි. අපේ ඇමෙරිකානු මිතුරන් මේ ගැන දන්නවා. එය ඔවුන්ගේ වරද්දා ගැනීමක් බව ඔවුන් දන්නවා" යැයි පූටින් පැවසීය.