අයිස් මත ගල්වූ මාළු 5000ක් සහිත හිම ක්‍රීඩාවට වැට බැඳේ
ජපානයේ වින්දන උද්‍යානයක වූ හිම මත ලිස්සා යෑමේ හිම පථයක අභ්‍යන්තරයේ, ගල් ගැසුණු ජීවී මාළු ප්‍රදර්ශනය කිරීමෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
ඒ අනුව, මේ ක්‍රියාව සතුන් වෙත කර ඇති අගෞරවයක් ලෙස දක්වමින් එම වින්දන උද්‍යානය වසා දැමීමට බලධාරීන් වහා කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කිටක්යූෂු නගරයේ වූ ස්පේක් වර්ල්ඩ් වින්දන උද්‍යානයේ මින් මැදුරු හා හිම පථය සහිත කොටස පසුගිය මාසයේදී විවෘත කර තිබුණේ වැඩි ජනතාවක් ඒ වෙත කැඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන් බවද කියයි.
එහිදී, මෙම වින්දන උද්‍යානයේ හිම මත ලිස්සා යෑමේ යෙදෙන්නන්ට මාළු 5,000කට වඩා ගල් ගැසී සිටි හිම පථය මත සිය හිම ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාව සලසා තිබුණු බවද පැවසෙයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි ජනතා විරෝධයත් සමග එම වින්දන උද්‍යාන පාලනාධිකාරිය වහාම සමාව ගැනීමට කටයුතු කර තිබුණි.
එමෙන්ම, මෙම මියගිය මසුන් සිහිකිරීමේ විශේෂ උත්සවයක් පැවැත්වීමටද තම ආයතනය සූදානමින් සිටින බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසූ බවද විදෙස් වාර්තා පවසයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

