ඇමෙරිකානු ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ සහායක නියමුවන් භාවිත කරන අයිපෑඩ් ඇප් වැඩසටහනක් ක්රියාවිරහිත වීම නිසා එම ගුවන් සේවයේ යානා කිහිපයක්ම හදිසියේ ගොඩබස්වා ඇති බව වාර්තා වෙයි.
යානයේ නියමු කුටිය කොළවලින් තොර ස්ථානයක් බවට පත්කිරීමක් ලෙස 2013 වසරේ සිට අයිපෑඩ් හඳුන්වාදුන් අතර, බොහෝ තොරතුරු අයිපෑඩ් හරහා ගනුදෙනු වෙයි.
කෙසේ වෙතත් මෙම ඇප් වැඩසටහන හදිසියේ ක්රියාවිරහිත වීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුවෙමින් පවතින බව කියයි.