ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා QZ8501යානයේ කොටස් ගොඩගැනීමේ මෙහෙයුම් සාගරයේ පවතින ප්රබල දියවැල් හා අපැහැදිලිතාව හේතුවෙන් අතිශය දුෂ්කර කාර්යයක් වී ඇති බව වාර්තා වෙයි.
මිනිසුන් රහිත කිමිදුම් යාත්රාවක් මගින් යානයේ කළු පෙට්ටිය සහිත පසුපස කොටස හඳුනාගෙන තිබුණද, කාලගුණය සෝදිසි මෙහෙයුම්වලට බාධා ගෙන දී තිබේ.
බලධාරීන් විශ්වාස කරන්නේ එම කොටස උඩු යටිකරුව රැඳී ඇති බවයි. මේ නිසා එය ගොඩට ගැනීම පහසු නොවන බවද ඔවුන් පවසයි.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන් කිරීමේදී අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 162 දෙනෙකු සමග යානය මුහුදට කඩා වැටී තිබුණි.