උතුරු අයර්ලන්තයේ ගබ්සාව නීතිගත කිරීමත් සමග බෙල්ෆාස්ට් නගරයේදී ගබ්සා පෙති බෙදාදීමේ ව්‍යාපාරයක් මෙන්ම, ගබ්සාවට විරෝධය පෑමේ උද්ඝෝෂණයක්ද පවත්වා තිබේ.
එහිදී, ගබ්සා පෙති බෙදාදුන් පිරිසක් සහ ගබ්සා පෙති ඇතුළු ඒවා බෙදාහැරීමට යොදාගත් රොබෝ යන්ත්‍රයක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ගබ්සා පෙති බෙදාහැරීමේ නිරත පිරිස වෙත පැමිණි පොලිස් නිලධාරීන් මුලින් ඔවුන්ට අනතුරු ඇඟවීමක් කළත්, පසුව ඔවුන් එය නොනවත්වා කිරීම නිසා මේ ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
මේ අතර, ගබ්සාව නීතිගත කිරීමට විරෝධය දැක්වීමේ විරෝධතාවක්ද මෙම ගබ්සා පෙති බෙදාහැරීමේ විරෝධතාවට සමගාමීව පවත්වා තිබුණු අතර, ඔවුන් සඳහන් කළේ සෑම ජීවිතයක්ම ජීවිතයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි.
මෙම නව නීතිය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අධිකරණයට දැනුම්දෙමින් තිබියදී ඊට සහාය දැක්වීමේ රැළි සහ විරෝධතා පවත්වා තිබුණි.
පසුගියදා ගබ්සාව නීතිගත කිරීම පිළිබඳව පැවති ජනමත විචාරණයෙන් ඊට ජනතා අනුමැතිය හිමිව තිබුණි. ඒ අනුව, අයර්ලන්ත අගමැති ලියෝ වරද්කාර් පවසා සිටියේ මෙම වසර අවසානයේ සිට ගබ්සාව සම්බන්ධ නව නීති ක්‍රියාත්මක වනු ඇති බවයි.
මෙම නව නීතිය යටතේ ගැබ් ගැනීමක් සිදුවී පළමු සති 12ක කාලය තුළ ගබ්සාවක් සිදුකිරීම සඳහා ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවන අතර, අතිශය විශේෂ අවස්ථාවකදී සති 24ක කාලයක් තුළ ගබ්සාවකට අවස්ථාව හිමිවන බව කියයි.