අයර්ලන්තයේ 'මවුකිරි බැංකුව' සතු කිරි සංචිත අසාමාන්‍ය ලෙස සිඳී යමින් පවතින බව එහි කළමනාකාරීත්වය පවසන බව විදෙස් වාර්තා පවසයි.
අයර්ලන්තයේ ෆර්මැනා ප්‍රාන්තයේ අර්වින්ස්ටවුන් නගරයේ ඇති එම මවුකිරි ගබඩාව වෙතින් සියගණනක් බිලිඳුන් වෙත මව්කිරි ලබාදීම සිදුකෙරුණත්, ඔවුන් සතුව තවදුරටත් ඇත්තේ සති දෙකකට පමණක් ප්‍රමාණවත් මවුකිරි පමණක් බව කියැවේ.
මේ තත්ත්වය තුළ මෙම මවුකිරි බැංකුව විසින් එරට මවුවරුන්ගෙන් ඇයද සිටින්නේ තම බැංකුව වෙත මවුකිරි ලබාදීමට කාරුණික වන ලෙසයි.
මෙම මවුකිරි බැංකුවේ කළමනාකාරිනී ඈන් මැක්රියා පවසන ආකාරයට අඩු මාසයෙන් මෙළොව එළිය දකින බිළිඳුන්ගේ ජීවිත රැකදීම සඳහා මෙම මවුකිරි බැංකුව විශාල දායකත්වයක් දක්වයි.
එමෙන්ම, ඇතැම් අවස්ථාවල එම බිලිඳුන් ජීවත්වෙනවාද මියයනවාද යන්න තීරණය වන්නේද මෙසේ මවුකිරි ලබාදීම තුළ බවද ඇය සඳහන් කරයි.
'වෙස්ටර්න් හෙල්ත් සෝෂල් කෙයාර් ට්‍රස්ට්' නමැති ආයතනය විසින් පාලනය කරනු ලබන ෆර්මැනා මව්කිරි බැංකුව මීට වසර 17කට පමණ පෙර ආරම්භ වී ඇති අතර, එරට සියලු රෝහල්වල අඩු වයසින් මෙළොව එළිය දකින දරුවන්ට අවශ්‍ය මවුකිරි සැපයීම ඔවුන් විසින් සිදුකරනු ලබන බව සඳහන් වෙයි.