පෘථිවි කක්ෂයේ ඇති ලක්ෂ සංඛ්‍යාත සුන්බුන් එකතු කිරීම සඳහා සැතපුම් භාගයක් (කි.මී.700ක්) පමණ දිගින් යුතු සුවිශේෂී උපකරණයක් සහිත අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීමට ජපානය කටයුතු කර තිබේ.
දිගේලි කරනලද මාළු දැලක් ආකාරයෙන් අභ්‍යවකාශයේදී ක්‍රියාකරන මෙය ඇලුමීනියම් වයර්වලින් නිර්මාණය කෙරුණු කාන්දම් බලයෙන් යුතු දැලක් බව කියයි. එහිදී, මෙම උපකරණය කක්ෂය වටා වේගයෙන් ගමන් කරන සුන්බුන්වල වේගය අඩාල කරමින්, ඒවා කක්ෂයෙන් ඉවත් කිරීම සඳහා සැලසුම් කර ඇති බව ජපාන විද්‍යාඥයෝ පවසති.
මෙම සුවිශේෂී උපකරණය සැකසීම සඳහා ජපානයේ ප්රමුඛ පෙළේ මාළු දැල් නිෂ්පාදන සමාගමක සහායද ලබාගෙන තිබේ.
දැනට තක්සේරු කර ඇති ආකාරයට මිලියන 100කට වඩා වැඩි අභ්‍යවකාශ සුන්බුන් තොගයක් පවතින අතර, ඒවා බොහෝමයක් භාවිතයෙන් ඉවත් වූ චන්ද්‍රිකාවල කොටස්, රොකට්ටුවල කොටස් හේතුවෙන් අභ්‍යවකාශයට එකතු වූ සුන්බුන්ය.
එමෙන්ම, මෙම සුන්බුන්වලින් වැඩි ප්‍රමාණයක් ඉතා ප්‍රබල ප්‍රවේගයකින් පෘථිවිය වටා ගමන් කරන අතර, ඇතැම් විට එය පැයට කිලෝමීටර් 28,000 ඉක්මවූ වේගයක් බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඒ නිසා, පෘථිවි කක්ක්ෂය මත ගමන් කරන චන්ද්‍රිකා සමග මේවායෙහි ඝට්ටනයක් සිදුවුවහොත් එය මහා විනාශයක් ගෙනදෙන ඝට්ටනයක් වනු ඇති බවද එම විද්‍යාඥයෝ පවසති.
වසර 50ක් පුරා මිනිසා විසින් සිදුකරන ලද අභ්‍යවකාශ ගවේෂණයන් හි ප්‍රතිඵලයක් ලෙසම මේ ආකාරයෙන් අභ්‍යවකාශයද කුණු ගොඩක් වී ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.