අභ්‍යවකාශය වෙත දූරියන් පලතුරු යැවීමට තායිලන්තයේ අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය සැලසුම් කර ඇති බව අනාවරණය කරයි.
අභ්‍යවකාශ සංචාරය සඳහා තායිලන්ත ආහාරවල සුදුසු නුසුදුසු බව පරීක්ෂා කිරීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ලබන ජූලි මාසයේදී අභ්‍යවකාශය වෙත දූරියන් යැවීම සිදුකරන බව තායිලන්ත බලධාරීහු පවසති.
පුළුස්සා සකසා ගත් දූරියන් පලතුර අභ්‍යවකාශයේ විනාඩි 5ක කාලයක් රඳවා තබාගැනීමෙන් පසුව යළිත් පෘථිවිය වෙත ගෙන්වා ගැනෙන එම සාම්පලවල ස්වභාවයෙහි කිසියම්ම හෝ වෙනසකට භාජනය වී ඇතිදැයි යන්න පරීක්ෂා කෙරෙනු ඇති බව කියැවේ.
අග්නිදිග ආසියාව නිජ භූමිය කරගත් දූරියන් පලතුර එහි පවතින දැඩි දුර්ඝන්ධය නිසාම ප්‍රසිද්ධියට පත්ව ඇති රසවත් පලතුරකි.
ඇමෙරිකානු අභ්‍යවකාශ යානයක මෙම දූරියන් පලතුර අභ්‍යවකාශය වෙත රැගෙන යාමට නියමිත බව තායිලන්ත බලධාරීහු පවසති.
තායිලන්තය තවමත් අභ්‍යවකාශය වෙත තනිව ගමන් කරන රාජ්‍යයන් ගොන්නට එකතුව නැතත්, ඔවුන් නුදුරු අනාගතයේදීම අභ්‍යවකාශ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට සූදානමින් සිටියි.
අභ්‍යවකාශයේදී ගගනගාමීන්ගේ පරිභෝජනය සඳහා සුදුසු තායිලන්ත ආහාර පිළිබඳව අවබෝධයක් ලබාගැනීම මෙම පරීක්ෂණවල මුඛ්‍ය අරමුණ වී ඇති බව එරට අභ්‍යවකාශ තාක්ෂණ ඒජන්සියේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.