ලිබියාව වෙරළ ආශ්‍රිතව අප්‍රිකානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 36 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
නාවික හමුදාව පෙන්වා දෙන පරිදි ඔවුන් පුදග්ලයන් 52 දෙනෙකුගේ බේරා ගැනීමට සමත්ම සිටී. කෙසේ වෙතත් ජීවිත බේරාගත්තවුන් පවසන පරිදි බෝට්ටුවේ පුදග්ලයන් 130ක් පමණ ගමන් කර ඇත.
සෙනසුරාදා දිනයේදී ලිබියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා යුරෝපා සංගමයට අයැද කියා සිටියේ මෙම අනවශ්‍ය සංක්‍රමණ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙසය.
බොහෝ අප්‍රිකානු ජාතිකයන් දේශසීමා තරණය කරමින් යුරෝපා රටවලට ඇතුළු වීම සඳහා ලිබියාව තෝතැන්නක් කරනෙ තිබේ.
ලිබියානු නාවික හමුදා ප්‍රකාශක අයුබ් කසීම් පෙන්වාදෙන පරිදි මෙම යාත්‍රාව ලිබියාවේ වෙරළ නගරයක් වූ ගරාබොවුලි නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් පෙරළී ඇත.
බෝට්ටුවේ පතුල බිඳී යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර තවත් පුද්ගලයන් 54 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව හෙතෙම පවසයි.
මාලි, කැමරූන්, ඝානා, ගැම්බියා සහ බුර්කිනා ෆාසෝ යන රටවල සංක්‍රමණිකයන් වැඩි වශයෙන් මේ අවදානම් සහගත ගමන යන බව පැවසෙයි.