උතුරු ඇමෙරිකානු කලාපය තුළ අනියම් ඇසුර වඩාත් ප්රකට කළ ජනප්රිය වෙබ් අඩවියක දත්ත ගබඩාව පරිගණක හැකර්වරුන්ගේ ග්රහණයට නතුවීමේ පුවතක් මෑතකදී වාර්තා විය.
ඒ අනුව, මෙකී වෙබ් අඩවියේ වූ දත්ත විශාල ප්රමාණයක් ඊට ප්රහාරයක් එල්ල කළ හැකරුවරු ප්රසිද්ධියේ මුදාහැරීම හේතුවෙන් එම වෙබ් අඩවිය සමග සම්බන්ධ වී සිටි විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්විය.
මේ තත්ත්වය වඩාත් බරපතල තත්ත්වයක් බවට පත්වෙමින්, එවැනි පුද්ගලයන් දෙදෙනෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක්ද විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම තම පෙම්වතාට, පෙම්වතියට, බිරිඳට හෝ ස්වාමියාට හොරෙන් තවත් ඇසුරක් හෝ කිහිපයක් පැතීමට ගිය අයවලුන්ගේ ගිණුම් මිලියන 33ක දත්ත මෙසේ හැකර්වරුන්ගේ ග්රහණයට නතුව තිබුණි.