මීට වසර දහස් ගණනකට පෙර පුරාතන ඉන්දියානුවන් විසින් අන්තර්ජාලය සොයාගත් බව ඉන්දීය අමාත්‍යවරයෙකු පවසා තිබේ.
ඊසානදිග ත්රිපූරා ප්‍රාන්තයේ මහ ඇමති බිම්ලැබ් ඩෙබ් විසින් සිදුකර ඇති මෙම ප්‍රකාශය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයේද සමච්චලයට ලක්ව තිබේ.
හින්දූන්ගේ වීර කාව්‍යයක් වන මහා භාරතය ඇසුරු කරගෙන අමාත්‍යවරයා මෙම අදහස ඉස්මතු කර තිබුණත්, මේ සඳහා පැහැදිලි සාක්ෂියක් ලබාදීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව කියයි.
ට්විටර් සමාජජාලය හරහා ඔහු මෙම අදහස් දැක්වීම සිදුකර තිබුණු අතර, ඔහුගේ අදහස සමච්චලයට ලක්කරන ප්‍රතිචාර රැසක් ඊට ලැබී තිබුණි.
ඉන්දියාවේ වත්මන් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සිට පහළට මැති ඇමතිවරුන් රැසක් පසුගිය කාලය පුරාවට හින්දූන්ගේ වීක්රමයන් කියැවෙන ප්‍රකාශ රැසක් සිදුකර ඇති බවද විදෙස් වාර්තා පවසයි.