අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) ආයුකාලය තවත් වසර 4කින් දීර්ඝ කර ගැනීමට නාසා ආයතනය සමත්ව තිබේ.
ධවල මන්දිරයේ සහාය මේ සඳහා ලැබී ඇති අතර, ඒ අනුව 2024 දක්වා එහි ආයු කාලය දීර්ඝ වීමට නියමිතය.
ඇමෙරිකාව, රුසියාව, කැනඩාව, ජපානය සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ රටවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස 1998 වසරේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර, එහි සිදුකෙරෙන වැඩි දියුණු කිරීම් වෙනුවෙන් මේ රටවල සහාය ලබාදීම සිදුවිය.
ඒ අනුව, 2020 දක්වා මෙය පවත්වාගැනීමේ වගකීමෙන් එම රටවල් බැඳී සිටියත්, බොහෝ අභ්‍යවකාශ ඉංජිනේරුවන් පෙන්වා දුන්නේ එහි ආයුකාලය 2028 දක්වා පවත්වාගෙන යා හැකි බවය.