ලිබියානු මුහුදු සීමාවේ ආපදාවට ලක්ව සිටි අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු කිහිපයක් යුරෝපීය යුද නෞකා හා වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති බව වාර්තා වෙයි.
මෝල්ටාව කේන්ද්‍ර කරගත් සංක්‍රමණික ආපදා මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුමේදී අනවසර සංක්‍රමණිකයන් 2,000ක් පමණ මුදාගැනීමට හැකිවී තිබේ.
ඉතාලි වෙරළාරක්ෂක බලකාය මුදාගත්තවුන්ගේ සංඛ්‍යාව නිල වශයෙන් ප්‍රකාශ නොකළත්, තවත් සංක්‍රමණික යාත්‍රා රැසක් මුදාගැනීම සඳහා කටයුතු කරන බව පවසා ඇත.
එච්.එම්.එස්. බුල්වෝක් නමැති බ්‍රිතාන්‍ය නාවුක හමුදා නෞකාව මේ වනවිට එම පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගමන් කරමින් සිටින බවද වාර්තා වෙයි.