අනවසර සංක්‍රමණිකයන් ග්‍රීසිය හරහා යුරෝපයට ඇතුළුවන බෝල්කන් මාර්ගය වසා දැමීමේ පියවරක් ලෙස ස්ලොවෙනියාව නවතම දේශසීමා ආරක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබේ.
එහිදී, සැබෑ සරණාගත අවශ්‍යතාවක් පවතින සංක්‍රමණිකයන් වෙත පමණක් දේශසීමා තරණයට අවස්ථාව හිමිවන බවද කියැවේ.
මේ අනුව යමින් සර්බියාවද තම දේශසීමා වසා දමමින්, මැසිඩෝනියාව හා බල්ගේරියාව හරහා පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්වීමට පියවර ගෙන තිබේ.
මේ තත්ත්වය තුළ යුරෝපා සංගමයට අයත් වීසා නොමැති ෂෙන්ගන් කලාපයද අර්බුදයකට ලක්විය හැකි බව කියැවෙයි.