මධ්‍යධරණී සාගරයේ ඩිංගි බෝට්ටුවක සිටි අනවසර සංක්‍රමණිකයන් 52 දෙනෙකු බේරාගැනීමට හැකි වූ බව ඉතාලි නාවුක හමුදාව පවසයි.
එහිදී, එරට යුද නෞකාවක් විසින් බෝට්ටුවේ සිටි පිරිසෙන් අඩකට වැඩි පිරිසක් මුදාගෙන ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු බැරලයක් අල්ලාගෙන පාවෙමින් සිටියදී බේරාගැනීමට හැකිවී තිබේ.
යුරෝපය වෙත පැමිණීමට උත්සාහ දරණ අනවසර සංක්‍රමණිකයන් හේතුවෙන් මේ වනවිට දැඩි අර්බුදකාරී වාතාවරණයක් මධ්‍යධරණී කලාපය තුළ ඇති වී තිබේ.
සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පේනවා දෙන්නෙ මේ වසරේදී අනවසර සංක්‍රමණිකයන් 250,000ක් මුහුදු මාර්ග ඔස්සේ යුරෝපයට සංක්‍රමණය වීමට පැමිණ ඇති බවයි. ඉන් 124,000ක් ග්‍රීසියටත්, 98,000ක් ඉතාලියටත් පැමිණ තිබේ.
ඉතාලි නාවික හමුදාව පවසන්නේ මෙම වසර තුළ ඔවුන් පුද්ගලයන් 1,700ක් සාගරයේ අනතුරට පත්ව සිටියදී මුදාගත් බවයි.