පුද්ගලයන් 304 දෙනෙකු සමග පෙරළී ගිය දකුණු කොරියානු සීවෝල් නෞකා අනතුරින් වසරකට පසු එය යළි එසවීමට කටයුතු කරන බව එරට ජනපතිනිය පවසයි.
මෙම අනතුරින් මියගිය වැඩි පිරිස පාසල් සිසු සිසුවියන් වන අතර, ප්රමාණයට වඩා මගීන් ප්රවාහනය කිරීම හා නීතිවිරෝධී ආකාරයෙන් යළි ප්රතිසංස්කරණය කර තිබීම මෙම අනතුරට හේතු වී තිබුණි.
මෙම අනතුර දකුණු කොරියාවම කම්පාවට පත් කළ අතර, හදිසි අනතුරු ආරක්ෂිත පියවර හා ක්ෂණික සහන සේවා සම්බන්ධ පුළුල් කතිකාවතක් රට තුළ නිර්මාණය කළේය.
නෞකාව ගොඩ ගැනීම සඳහා ඇ.ඩො.මිලියන 110ක මුදලක් වැය වනු ඇති බව කියැවෙයි.