ඉතාලිය බලා අනවසර සංක්රමණිකයන් රැගෙන යාත්රා කරමින් තිබියදී පසුගිය ඉරිදා අනතුරට පත් යාත්රාවේ ටියුනීසියානු ජාතික කපිතාන්වරයා අත්අඩංගුවට පත්ව ඇති අතර, මිනිස් ජීවිත සිය ගණනක් ඝාතනය කිරීමේ චෝදනා යටතේ ඔහුට නඩු පැවරවෙනු ඇති බව බලධාරීහු පවසති.
මේ ආකාරයෙන් සංක්රමණික ජීවිත අවදානමේ හෙලීම මෙන්ම, නීතිවිරෝධී සංක්රමණ වෙත අනුග්රහය දැක්වීම චෝදනා යටතේද ඔහු සහ යාත්රාවේ නැවියෙකුට එරෙහිව චෝදනා එල්ල වනු ඇතිබව පැවසෙයි.
යාත්රාවේ සිට දිවිබේරාගත් පුද්ගලයන් 27 දෙනා අතර සිටි මොවුන් දෙදෙනා සඳුදා දිනය වනවිට සිසිලිය වෙත ගෙනැවිත් තිබුණි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියට අනුව මෙම යාත්රාවේ පුද්ගලයන් 800ක් පමණ ගමන් කර ඇති අතර, මියගිය පිරිස 700 ඉක්මවන බව කියැවෙයි.