ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා ප්‍රදේශයේ ඔක්සිබිල් වෙත කඩා වැටුණු ට්‍රිගානා අභ්‍යන්තර ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් සියලු දෙනාගේ සිරුරු සොයාගැනීමට හැකි වූ බව එරට බලධාරීන් පවසයි.
එහිදී, පසුගිය ඉරිදා අනතුරින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය යානයේ සුන්බුන්ද තමන්ට සොයා ගැනීමට හැකි වූ බව ඊට සම්බන්ධ සෝදිසි කණ්ඩායම සඳහන් කරයි.
ATR 42-300 මාදිලියේ ගුවන් යානයක් වූ මෙය, පැපුවාහි ජයපුරා නගරයේ සිට ඔක්සිබිල් වෙත පියාසර කරමින් සිටියදී අනතුරට ලක්විය.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී ඒ තුළ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 54 දෙනෙකු සිට ඇති අතර, දුෂ්කර ප්‍රදේශයක් වන ඔක්සිබිල්හි ජනතාව වෙත බෙදා දීමට රැගෙන ගිය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හයකට ආසන්න මුදලක්ද යානයේ තිබූ බව වාර්තා සඳහන් කරයි.