නේපාල භූ කම්පනයේ සෝදිසි මෙහෙයුම්වලට සම්බන්ධව සිටි අවස්ථාවේදී අනතුරට පත් ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයේ සිටි අට දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු මෙරීන් භටයන් 6ක් සහ නේපාල සොල්දාදුවන් දෙදෙනෙක් චීන දේශසීමා ආසන්නයේදී සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යොදවා තිබූ මෙම හෙලිකොප්ටර් යානය පසුගියදා අතුරුදන් වූ අතර, එය අනතුරට පත්ව ඇති බව පසුව සොයා ගැනුණි.
කෙසේ වෙතත් මෙම අනතුරට හේතුව පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙන බව ඇමෙරිකානු බලධාරීහු පවසති.