පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයට සොරාගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් ගොඩ වී ඇති දෙදෙනා එකම වෙලාවේදී ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බවත්, ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර, අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සංඥාවලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරන අතර, මීට ත්රස්ත ප්රහාරයක් එල්ල වූයේදැයි යන සැකය ඒ තුළින් මතුව තිබේ.
කෙසේ වෙතත් මේ වනවිටත් යානය සොයා සිදු කෙරෙන මෙහෙයුම් තව දුරටත් පුළුල් කර ඇති බවද, ඒ වෙනුවෙන් ගුවන් යානා 22ක් සහ නැව් 40ක් යොදවා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.