ඊසානදිග ඉන්දියාවේ කාසිරන්ගා ජාතික උද්‍යානය ආශ්‍රිතව අතරමංව සිටි සතියක් පමණ වයසැති රයිනෝසිරස් පැටවෙකු සොයා ගැනීමට එරට වනජීවී නිලධාරීන් සමත්ව තිබුණි.
වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් රැඳී සිටින කඳවුරක් ආසන්නයේ අතරමංව සිටියදී මෙම පැටවා සොයාගත් බව නිලධාරීහු පවසති.
මෙම පැටවා මේ වනවිට අවශ්‍ය ඖෂධ ලබාදෙමින් සති දෙකක පමණ කාලයක් වනජීවී නිලධාරීන් භාරයේ තබාගැනීමට අදහස් කර ඇත.
කෙසේ වෙතත්, මෙම පැටවාගේ මව සොයා ගැනීමට නොහැකි වුවහොත් දැනට වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රඳවා තබාගැනීමට යෝජනා වී ඇති අතර, දැනටමත් රයිනෝසිරස් පැටවුන් දෙදෙනෙකු මෙම මධ්‍යස්ථානයේ සිටින බවද කියැවෙයි.
මෙම සතුන් ඉන්දියාව තුළ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සතුන් ලෙස සැලකෙයි.