ඉන්දියාවේ දේවස්ථානයක් තුළ අට හැවිරිදි දැරියක දින තුනක් පුරා සිරකර ගනිමින් ඇය සමූහ දූෂණයකට ලක්කර මරා දැමූ පුද්ගලයන් 08 දෙනෙකු අධිකරණය හමුවට පැමිණවීම සිදුවිය.
මෙම ම්ලේච්ඡ ඝාතනය පිළිබඳ පරීක්ෂණ මෙහෙවන පොලීසිය පවසන්නේ මින් එක් සැකකරුවෙකු අසීෆා බානෝ නමැති දැරිය මරා දැමීමට පෙර තව එක් වරක් ඇය දූෂණය කිරීමට අවශ්‍ය බව පවසමින් ඇගේ මරණය දිනකින් ප්‍රමාද කර ඇති බවටද සාක්ෂි හෙළි වෙමින් පවතින බවයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ බහුතර මුස්ලිම් ජනගහණයක් වෙසෙන ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ජීවත්වූ මුස්ලිම් ජාතික දැරියක වීමත්, හින්දූන් වන දූෂකයන් හින්දු දේවස්ථානයක් තුළ දැරිය තබාගෙන දූෂණය කර තිබූ නිසාත් මෙම මරණය සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, දින තුනක් පුරා දූෂකයන් අතින් දූෂණයට පත්වූ දැරිය පසුව සිහිමුර්ජා වී ඇති අතර, ඇය මරා දමා ඇත්තේ විශාල ගල් කුට්ටි ඇගේ ශරීරය මතට අතහැරීමෙන් බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
මෙම චූදිතයන් අතර සිටින ප්‍රධාන සැකකරු හිටපු රජයේ සේවකයෙකු වන අතර, ඔහු දැනට හින්දු දේවස්ථානයේ ප්‍රධාන පූජක තැන ලෙසද කටයුතු කර ඇති අයෙකු බව පොලීසිය සඳහන් කරයි. එමෙන්ම, මෙම සමූහ දූෂණයට සහ ඝාතනයට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ සහායද ඔවුන්ට ලැබී ඇති අතර, ප්‍රධාන සැකකරුගේ මිතුරෙකු, ඔහුගේ පුත්‍රයා මෙන්ම ළාබාල බෑනා කෙනෙකුද ඒ සිටින බව අනාවරණය වී තිබේ.