යුරෝපය හා රුසියාව එක්ව අඟහරු කක්ෂය වෙත යවනලද අභ්‍යවකාශ යානය එම ග්‍රහයාගේ ප්‍රථම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබේ.
TGO හෙවත් ට්‍රේස් ගෑස් ඕර්බිට් නැමති මෙම යානය පසුගිය ඔක්තෝබර් 19 වැනිදා අඟහරු කක්ෂය වෙත ළඟ වීය.
ඒ අනුව, ඉදිරි කාලය තුළ එම ග්‍රහයා වටා ගමන් කරමින් වඩාත් වැදගත් තොරතුරු රැසක් පෘථිවිය වෙත ලබාදීමට මෙම යානය සූදානම් බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, පෘථිවිය වෙත එවා ඇති ඡායාරූපවල පැහැදිලි බව සම්බන්ධයෙන්ද සෑහීමකට පත්විය හැකි බව විද්‍යාඥයෝ පවසති.