අඟහරු ග්‍රහයා මතට මිනිසුන් රැගෙන යාමේ චීන අභ්‍යවකාශ මෙහෙයුම සඳහා දින 180ක කාලයක් කුඩා කැප්සියුලයක් තුළ සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රැඳෙමින් සිදුකළ පර්යේෂණය සාර්ථකව අවසන්ව තිබේ.
මේ ආකාරයෙන් දින 180ක කාලයක් තුළ සිදුවූ අතිශය සංකීර්ණ පර්යේෂණය සඳහා මෙම පුද්ගලයන් සිව්දෙනා තෝරාගෙන ඇත්තේ අයදුම්පත් 2,000ක් සලකා බැලීමෙන් අනතුරුවය.
පැසිපන්දු ක්‍රීඩා පිටියක් තරම් විශාල නොවූ කැප්සූලය තුළ පිරිමි තිදෙනෙකු හා එක් කාන්තාවක මෙසේ ගත කළ පිරිස වෙනත් ග්‍රහ ලෝකයක ජීවත්වීමේ අත්දැකීම මොනවාට ලබාගෙන ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
එමෙන්ම, චීනයේ ෂෙන්සෝවු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තාක්ෂණය උපයෝගී කරගනිමින් මොවුන් වර්ග 25කට අයත් ශාක මෙහිදී වගා කිරීමටත් කටයුතු කර ඇති අතර, ඒ අතර තිරිඟු මෙන්ම ස්ට්‍රෝබරි ආදී ශාකයන්ද වූ බවත් පවසයි.
විශේෂයෙන්ම එම කැප්සියුලය තුළදී ආහාර හා වාතය ආදී සීමිත සම්පත් ප්රශස්ත අයුරින් පරිභෝජනය කිරීමද මෙහිදී විශේෂ පරීක්ෂණයකට බඳුන් වී තිබේ.