මැලේසියානු අගමැති නජීබ් රසාක්ගේ ගිණුමට බැර වූ ඇ.ඩො.මිලියන 681ක මුදල සෞදි රජ පවුලෙන් අගමැතිවරයාට ලැබුණු ත්‍යාගයක් මිස එහි මූල්‍ය වංචාවක් සිදුව නොමැති බව එරට නීතිපතිවරයා පවසයි.
මැලේසියාවේ වන් මැලේෂියා ඩිවලප්මන්ට් අරමුදලේ අයථා මුදල් පරිහරණයක් සම්බන්ධයෙන් රටේ ආන්දෝලනයක් පවතින අවස්ථාවේදී අගමැතිවරයාගේ පෞද්ගලික ගිණුමට ඩොලර් මිලියන ගණනක මුදලක් බැරවීම සම්බන්ධයෙන් මැලේසියානුවන් දැඩි විමතියට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, නීතිපතිවරයා පවසන්නේ එම මුදල් පැමිණි ආකාරය පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවය. එය කිසිම ආකාරයක අල්ලස් ගැනීමක් හෝ අයථා මුදල් පරිහරණයක් නොවන බවද නීතිපතිවරයා පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම මුදල අගමැතිවරයාට රාජකීය පවුලෙන් ලබාදීමට හේතුවක් සඳහන් නොවන බවද සඳහන් කරන නීතිපතිවරයා, එය අගමැතිවරයා හා රාජකීය පවුල අතර පවතින්නක් බවද කියයි.