අයර්ලන්ත මවුවරු තිදෙනෙකු එකම දිනයේ, එකම රෝහලේදී දරුවන් වැදද්දී, ගැබිණියක වූ අනෙක් නැගෙනිය එම රෝහලේම දරුවා ලැබීමට නියමිතව සිටි පුවතක් වාර්තා වෙයි.
මෙම සොහොයුරියන් තිදෙනාම පසුගිය සැප්තැම්බර් 01 වැනිදා සිය දරුවන් ප්‍රසූත කර ඇති අතර, ඔවුන් සියලු දෙනාම කුඩා කල සිටම බොහෝ කුළුපගම සිටි සොහොයුරියන් බව පැවසෙයි.
කෙසේ වෙතත්, මෙසේ එකම දිනයක දරුවන් වැදීමක් සම්බන්ධයෙන් පූර්ව සැලසුම් කිරීමක් කිසිම අවස්ථාවක ඔවුන් සිදුනොකළ බවද කියයි.
එම රෝහල් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ දරුවන් තිදෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
එහිදී, මුලින්ම පිරිමි දරුවෙකු 01 වැනිදා අලුයම 3.25 ටත්, දෙවැන්නා ගැහැණු දරුවෙකු ලෙස උදෑසන 11.00 ටත්, තුන්වැන්නාත් පිරිමි දරුවෙකු ලෙස රාත්‍රී 8.30 ටත් උපත ලබා ඇත.