AK47 නිර්මාතෘවරයා වන රුසියානු ජාතික මිඛායිල් කලෂ්නිකොව්, තමා අතින් නිපදවූ ගිනි අවියෙන් සිදුවූ මරණ ගැන තමන් වගකිව යුතු බවට දැඩි කලකිරීමකින් හා පසුතැවිල්ලකින් ජීවත්වී ඇති බව හෙළි වී තිබේ.
පසුගිය මාසයේදී අවුරුදු 94 ක් ආයු වළඳා මිඛායිල් කලෂ්නිකොව් මිය ගිය අතර, 2012 වසරේදී ඔහු විසින් එරට පල්ලියට ලියූ ලිපියක තොරතුරු අනාවරණය වීමත් සමග මේ හෙළිදරව්ව සිදුව තිබේ.
තමන් අතින් නිර්මාණය වූ ගිනි අවියෙන් සිදුවූ මරණ ගැන සිතන විට ආධ්‍යාත්මික වේදනාවකින් තමන් දුක් විඳි බව ඒ ලිපියේ සඳහන්ව ඇති බව පැවසෙයි.
මීට කලකට පෙර AK47 අවියෙන් සිදුවන මරණ ගැන ප්‍රශ්න කරන විට ඔහු ඒ වගකීම භාර නොගත්තද, ජීවිතයේ අවසාන භාගයේදී තමන් අතින් නිපදවුණු ගිනි අවියෙන් සිදුවූ ලක්ෂ සංඛ්‍යාත මරණ ගැන ඔහු දැඩි ආත්මීය වේදනාවක පසුවූ බවට මේ ලිපියත් සමග සනාථ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි.