මාලි රාජ්‍යයේදී අනතුරට පත් එයාර් ඇල්ජෙරි ගුවන් සේවයට අයත් AH5017 යානයේ ගමන්ගත් පුද්ගලයන් 118 දෙනාගේ සිරුරු ප්‍රංශය වෙත රැගෙන එන බවට ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්ඩේ සහතික වෙයි.
අනතුරට පත් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් පැරිස් නුවරදී හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව පවසා ඇති තිබේ.
මෙම අනතුරින් ප්‍රංශ ජාතිකයන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, දිවි ගලවාගත් කිසිවෙකු නොමැති බවද තහවුරු විය.
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනගරයේ සිට ඇල්ජීරියාව බලා පියාසර කරමින් තිබියදී යානය මාලි වෙත කඩා වැටුණු අතර, එක්සත් ජාතීන්ගේ හමුදාවන්ගේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් යානයේ දෙවැනි කළු පෙට්ටියද සොයාගෙන තිබුණි.
දරුනු වැළි කුණාටුවක් පිලිබඳව යානයේ නියමුවා පාලක මැදිරියට පැවසීමෙන් කෙටි වේලාවකට පසු යානයේ සබඳතා බිඳී ගොස් තිබුණි.