UN ඇමෙරිකානු තානාපතිනී හේලිගේ ඉල්ලා අස්වීම ට්‍රම්ප් භාරගනී
(UPDATE) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ නිකී හේලිගේ ඉල්ලා අස්වීම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාරගෙන තිබේ.
කැරොලීනා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරියක වූ හේලිගේ මෙම ඉල්ලා අස්වීම ට්‍රම්ප් පාලනාධිකාරය විස්මයට පත්කළ අවස්ථාවක් බව ඇමෙරිකානු මාධ්‍ය මුලින් සඳහන් කර තිබුණි.
මුලින් ධවල මන්දිරය මේ පිළිබඳ තහවුරු කිරීමක් සිදුකර නොමැති වුවත්, නිකී හේලි හා ට්‍රම්ප් අතර අද (09දා) අලුයම් කාලයේදී ඕවල් කාමරයේදී සාකච්ඡාවක් පැවති බව පිළිගෙන තිබුණි.
කෙසේ වෙතත්, පසුව ඕවල් කාමරයේ සිට ට්‍රම්ප්, නිකී හේලි සමගින් හිඳිමින් ඇයගේ ඉල්ලා අස්වීම තහවුරු කළේය.
එමෙන්ම, ඇය එක්සත් ජාතීන්ගේ මණ්ඩලය තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ බවද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
2017 ජනවාරි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිත පිරිසට ඇය ඇතුළත් වූවාය.


popular news
-
Champa Tuesday, 09 October 2018 09:11 PM
ඇත්තටම අයින් වෙලා හැබැයි. යන්නේ අවුරුද්ද අග. මෙයාව Cabinet එකට ගනියි කියලා ඇමරිකන් කාරයෝ කියනවා. බොහෝ විට නිකි 2020 චන්දෙ ඉල්ලනවා. Trump ට දෙවෙනි පාර ලැබෙන්නේ නැහැ. පරදිනවා කොහොමත්. ඊට පස්සේ 2024 හෝ 2028 Latin American President කෙනෙක් පත් වෙයි කියල කියනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

