Twitter නිරුවත් ඡායාරූප කලින් හඳුනා මකා දමන මෘදුකාංගයක්
ට්විටර් සමාජ ජාලය ඔස්සේ පුද්ගලික පණිවුඩ ලෙස අනවසරයෙන් යොමුකෙරෙන පුරුෂ ලිංගේන්ද්‍රිය දැක්වෙන ඡායාරූප කලින් හඳුනාගෙන ඒවා මකා දැමිය හැකි මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ.
එක්සත් ජනපදයේ සියැටල් හි පර්යේෂකයන් පිරිසක් විසින් මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ කෙල්සි බ්රෙස්ලර් නමැති මෘදුකාංග නිර්මාණ ශිල්පිණිය වෙත කිසියම් පුද්ගලයෙකු නග්න ඡායාරූපයක් එවීමෙන් පසුවය.
ඒ අනුව, පණිවිඩය ලබන්නා එය දැකගැනීමටත් පෙර එහි ඇති පුරුෂ ලිංගය දැක්වෙන ඡායාරූප හඳුනාගෙන ඒවා මකා දැමිය හැකි කෘත්‍රිම බුද්ධි පද්ධතියක් සැකසීමට ඔවුන් සමත්ව තිබේ.
සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙවැනි සයිබර් අවකාශය තුළ වෙනත් අයගේ නග්න දැක්වීම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා සමාජ මාධ්‍යවලට බොහෝ දේ කළ හැකි බව පවසන ඇය, මෙවැනි ක්‍රියා මහමගදී ඔබට යමෙකු නග්නබව පෙන්වීමකට සාමාන අශිෂ්ට ක්‍රියාවක් බව කියයි.
ඒ අනුව, මෙහි කෘත්‍රිම බුද්ධි පද්ධතිය පරීක්ෂා කිරීමට බ්රෙස්ලර් හා ඇයගේ කණ්ඩායම ක්‍රමවේද කිහිපයක් අනුගමනය කර ඇති අතර, ක්‍රම ක්‍රමයෙන් සිය පද්ධතිය වැඩිදියුණු කරමින් සිය මෘදුකාංගය ඉහළ සාර්ථකත්වයක් දක්වා වර්ධනය කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

