PepsiCo සමාගමේ ප්‍රධාන විධායක ධුරය හෙබවූ ඉන්දීය ජාතික ප්‍රබල කාන්තා චරිතයක වූ ඉන්ද්‍රා නූයි සිය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර සිටි ඇය, 2017 වසරේදී එහි 11 වැනි ස්ථානය ලැබූ කාන්තා චරිතය වීමද විශේෂත්වයකි.
2006 වසරේදී සමාගමේ ප්‍රධාන විධායක ධුරයේ වැඩ භාරගත් ඇය එතැන් සිට වසර 12ක කාලයක් එහි සේවය කරමින් සමාගමේ කොටස් අගය 78%කින් ඉහළ නංවාලීමටද දායක වූ චරිතයක් බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඇයගේ ඉල්ලා අස්වීමත් සමග, එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන රමෝන් ලගුආර්ට් ප්‍රධාන විධායක තනතුරේ වැඩ භාරගනු අති බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්ව යන ඉන්ද්‍රා නූයි 2019 වසරේ ආරම්භය දක්වා සමාගමේ සභාපතිත්වය දරනු ඇත.