ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ මරණය නිල වශයෙන් පිළිගෙන ඇති එම ත්‍රස්ත සංවිධානය සිය නව නායකයා නම් කර තිබේ.
ඒ අනුව, ඉස්ලාම් රාජ්‍යයේ සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂි නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජනපද විශේෂ බලකාය වයඹදිග සිරියාවේදී බග්ගාදි අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු රැඳී සිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කර දැමීය.
එම අවස්ථාවේදී බග්දාදි උමං මාර්ගයකට දිවගොස් සිය කුඩා දරුවන් දෙදෙනෙකු සමග මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මරු වැළඳ ගෙන තිබුණි.
2014 වසරේදී ඉරාකයේ සහ සිරියාවේ විශාල කොටසක බලය අත්පත් කරගැනීමෙන් පසුව බග්දාදි විසින් ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළ අතර, එහි සිවිල් ජනතාව ඔවුන්ගේ නීතිරීතිවලට යටත් කරනු ලැබීය.
මේ අතර, බග්දාදිගේ මරණයෙන් පසුව එම සංවිධානයේ නායකයා බවට පත්වනු ඇති බවට විශ්වාස කෙරුණු එම සංවිධානයේ ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අබු අල්-හසන් අල්-මුහාජිර් පසුගිය 27දා එක්සත් ජනපද - කුර්දි ඒකාබද්ධ මෙහෙයුමකදී ඝාතනයට ලක්වුණු බවද එම සංවිධානය පිළිගෙන තිබේ.
ඒ අනුව, ත්‍රස්ත සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙස කටයුතු කරන අබු හම්සා අල්-කුරෙයිෂි විසින් හඬ පටයක් නිකුත් කරමින්, අබු ඊබ්‍රාහිම් අල්-හෂේමිට අවනතව කටයුතු කරන ලෙසද මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිට ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.


popular news
-
Champa Friday, 01 November 2019 10:28 AM
kkkkkkkkkk අර පින්තූර වෙනස් කරලා. ඉස්සෙල්ල පෙන්නපු පිංතූරෙන් බෙල්ල කපල දැන් වෙනම ෆොටෝ එකක් දාල. අනිත් එක රැවුලත් වෙනස්. ඒ මේ අබු බකර් අල් බැග්ඩාඩි නෙමෙයි. මේ ඔක්කොම news දෙන්නේ ඇමරිකාව. මරන්නෙත් ඇමරිකාව. ඊළඟ නායකයා පත් කරන්නෙත් ඇමරිකාව. ඊළඟට ඔක්කොම news දෙන්නෙත් ඇමරිකාව. මරාගෙන මැරෙන ඇඳුමක් පුපුරව ගත්ත මිනිහෙක්ගේ මූණටයි ඇඟටයි කිසි දෙයක් වෙලා නැහැ. කෙස් ගහකට හානියක් වෙලාත් නැහැ. හා හා කොන්ඩේ බැඳපු චීන්නුන්ට හොඳයි මේවා.
Reply : 8 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

