IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදිගේ නවතම හඬ පණිවුඩයක් නිකුත් කර තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වරට එළිදැක්වුණු හඬ පටයෙන් පසුව මෙම නවතම පණිවුඩය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම හඬ පටය කවර දිනකදී පටිගත කරන ලද එකක්දැයි යන්න පැහැදිලි නැතත්, මෑතකදී තුර්කියේදී ඇමෙරිකානු පාස්ටර්වරයෙකු අත්අඩංගුවට ගැනීම ආදී ආසන්නතම සිදුවීම් පිළිබඳවද විග්රහ කෙරෙයි.
මේ වනවිට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සතුව පැවති සිරියාවේ සහ ඉරාකයේ බොහෝ ප්‍රදේශ යළි මුදාගැනීමට විදෙස් රාජ්‍යයන්ගේ සහාය ඇතිව එම රටවල් සමත්ව සිටියි.
පසුගිය වසරේදී ඔවුන්ගේ බල කඳවුරු වූ රක්ඛා සහ මොසුල් යන නගරද ඔවුන්ට අහිමි වූයේ, 2014 වසරේදී ඉස්ලාම් රාජ්‍යයක් බිහිකරන බවට ප්‍රතිඥා දුන් නගරවල බලයද ඔවුන්ට තවදුරටත් අහිමි කරමිනි.
ලෝකයේ අංක එකේ අපරාධකරුවෙකු හා ත්‍රස්තයෙකු ලෙස නම් කර ඇති අල් බාග්දාදිගේ හිස රැගෙන එන අයෙකුට ඇ.ඩො.මිලියන 25ක මුදල් ත්‍යාගයක් ලබාදීමට ඇමෙරිකාව සූදානමින් සිටියි.
කෙසේ වෙතත්, මෑත කාලයේදී බග්දාදි මියගිය පුවත් වරින් වර වාර්තා වුවත්, එය වඩාත් තහවුරු කරගත් ප්‍රවෘත්තියක් ලෙස කිසිවෙකුත් ප්‍රකාශයට පත්කර නැත.