IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එක්වූ ප්‍රංශ ජාතිකයන් 13 දෙනෙකු යළි ප්‍රංශයට ගෙන්වා නීති මගින් කටයුතු කරනවා වෙනුවට, ඔවුන් ඉරාකය තුළදීම නීතියට ඉදිරිපත් කිරීමට යයි.
ඉරාක ජනපති බර්හාම් සලේහ් පවසා සිටියේ මෙම ත්රස්තයන් 13 දෙනා සිරියානු කුර්දි හමුදාව විසින් පසුගිය මාසයේදී ඉරාක රජයට භාරදුන් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් නොකළ ප්‍රංශ ජනපති මැක්රෝන්, පවසා සිටියේ ඉරාකය ස්වාධීන රාජ්‍යයක් බැවින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ස්වාධීනව තීරණයක් ගැනීමට අවකාශය ලබාදිය යුතු බවයි.
සිරියාවෙන් අල්ලා ගැනුණු තම රටවලින් පැමිණ තිබූ ත්රස්තයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බොහෝ බටහිර රටවල් යම් අරබුදයකට ලක්ව ඇති මොහොතක මේ සිද්ධිය කරළියට පැමිණ තිබේ.
එහිදී, බ්‍රිතාන්‍ය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ඇමෙරිකාව යන රාජ්‍යයන් මේ ප්‍රශ්නයට මැදිව සිටින රාජ්‍යයන් වන්නේ, මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් යළි මවු රටට ගෙන්වා ගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙනි.