IS බිරිඳක් වීමට බ්‍රිතාන්‍යයෙන් පළා ආ දැරියට යළි ගෙදර මතක් වෙලා
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එක්වීම සඳහා 2015 දී බ්‍රිතාන්‍ය හැරගිය පාසල් දැරියන් තිදෙනාගෙන් එක් අයෙකු යළි බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමත්තෙන් පසුවෙයි.
මේ වනවිට 19 හැවිරිදි වියේ පසුවන ෂාමිමා බෙගම් නැමති ඇය නව මස් ගැබිණියක වන අතර, ඇයට දාව මීට පෙර ඉපදී තිබූ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවද සඳහන් වෙයි.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රහාර හමුවේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට මේ වනවිට අහිමි වන සිරියාවේ අවසන් බිම් කොටසින් පළාවිත් රැඳවුම් කඳවුරක දිවි ගෙවන ඇය, ටයිම්ස් පුවත්පත වෙත මෙසේ අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත්, ඇය සමග සිරියාවට පළා ආ එක් මිතුරියක් බෝම්බ ප්‍රහාරවලින් මියගිය බවද ඇය සිහිපත් කරයි. නමුත්, අනෙක් දැරියගේ ඉරණම සම්බන්ධයෙන් තොරතුරු නොමැත.
ඉංග්‍රීසි කතා කරන ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයෙකුගේ ස්වාමියෙකු වීමට කැමැත්ත පළ කරමින් සිහින ඉස්ලාම් රාජ්‍ය බිහිකිරීම සඳහා සිරියාවට පළාගොස් තිබූ ඇයගේ බොඳවූ සිහින සමග යළි බ්‍රිතාන්‍යයේ පිහිට පතා ඇත්තේ ඇගේ කුසේ සිටින දරුවා බේරාගත යුතු බව පවසමිනි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර, ඇය තවමත් ඉස්ලාම් රාජ්‍ය මානසිකත්වයකින් පෙළෙන බැවින් ඇයට එවැනි පිළිසරණක් ලැබේද යන්න පැහැදිලි නැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

