IS බිරිඳක් වීමට සිරියාවට පැනගොස් යළි බ්‍රිතාන්‍යයේ පිහිට පැතූ ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමට එරට සූදානම් වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇගේ පවුලේ ඥාතීහු සූදානම් වෙති.
ඇගේ පවුලේ නීතීඥවරිය ලෙස කටයුතු කරන තස්නිමේ අකුන්ජේ පවසා තිබුණේ, මෙය වැළැක්වීම සඳහා ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.
19 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික බෙගම් තවත් රටක පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් පැනගොස් සිටි බැවින්, ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමේ හැකියාවක් පවතින බව එරට රජයේ ආරංචි මාර්ග පවසයි.
2015 වසරේදී තවත් පාසල් මිතුරියන් තිදෙනෙකු සමග ඇය සිරියාව වෙත පැනගොස් තිබුණේ, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ යුද්ධයට ත්රස්තවාදියෙකුගේ බිරිඳක් වී සහාය වීම සඳහාය.
කෙසේ වෙතත්, මේ වනවිට සිහින ඉස්ලාම් රාජ්‍ය සිහිනයක්ම බවට පත්වෙමින් ඉරාකය සහ සිරියාව යන රටවල ඔවුන්ගේ බලය සම්පූර්ණයෙන්ම අඩපණවී ඇති පසුබිමක බෙගම්ට ස්වාමියා හෝ නොමැති එක් දරු මවක ලෙස අනාථ කඳවුරක තනිවීමට සිදුව තිබේ.