සිරියාව තුළ ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 200ක් පමණක් සාම සාධක හමුදාවක් ලෙස රඳවමින් එරට සිටින සියලුම ඇමෙරිකානු හමුදා යළි කැඳවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
මේ වනවිට රට තුළ IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට හිමිව තිබූ අවසන් භූමි භාගයත් ඔවුන්ට අහිමිව යමින් පවතින නිසා ඔවුන් පරාජයට පත්ව සිටියද, තවමත් එම ත්රස්තයන්ගේ අඳුරු සෙවණැලි පවතින බැවින් මෙම සාම සාධක හමුදා රඳවන බව ජනපති ට්රම්ප් පවසා තිබේ.
කෙසේ වෙතත්, නැගෙනහිර සිරියාවේ, ඉරාක දේශසීමා නගරයක් වූ බගූසූ නගරයේ තවමත් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් 300ක් පමණ රැඳී සිටින බව විශ්වාස කරන අතර, ඇමෙරිකාවේ සහාය ලබන සිරියාන ප්රජාතාන්ත්රික බලකාය එහි සිටින සිවිල් වැසියන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව කියැවෙයි.
මේ අතර, ඇමෙරිකානු හමුදා කඩිනමින් සිරියානු භූමියෙන් ඉවත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ට්රම්ප් වෙත චෝදනාද එල්ල වෙමින් තිබෙන අතර, එය කුර්දි සටන්කාමීන් වෙත තුර්කියෙන් ප්රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති කරන්නක් බවද සඳහන්ව තිබේ.