IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ධුරයේ වෙනසක් සිදුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.
අරමුදල පැවසුවේ ගොරින්චාස් එලැඹෙන ජනවාරි 24 වැනි දින අර්ධකාලීනව සිය කටයුතු ආරම්භ කරන බවත්, පසුව අප්‍රේල් 1 වැනි දින සිට පූර්ණ කාලීනව අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස සිය කාර්යභාරයට මාරුවන බවයි.
ගොරින්චාස් මීට පෙර ආර්ථික උපදේශකයෙකු ලෙස IMF හි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත.


popular news
-
sg Tuesday, 11 January 2022 06:30 PM
It's good for Sri Lanka if Sri Lanka intends to support from the IMF.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

