China Sky Eye හඳුනාගත් නියුට්‍රෝන තරුකා 600ක්
Aperture Spherical Radio Telescope (FAST) හෙවත් "China Sky Eye" නමැති දැවැන්ත දුරේක්ෂය භාවිත කරමින් විද්‍යාඥයන් විසින් නව නියුට්‍රෝන තරු (පල්සර්) 660කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ගෙන තිබේ.
වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරු වන පල්සර්, සුපර්නෝවා පිපිරුම් හරහා මිය යන දැවැන්ත තාරකාවල පුපුරා ගිය හරයෙන් හටගෙන තිබේ. ඒවායේ අධික ඝනත්වය සහ වේගවත් භ්‍රමණය සමග, ඒවා ආන්තික පරිසරවල භෞතික විද්‍යාවේ නියමයන් අධ්‍යයනය කිරීම සඳහා කදිම රසායනාගාරයක් බව කියයි.
FAST හි ප්‍රධාන ඉංජිනේරු ජියෑන්ග් පෙන්ග් පැවසුවේ, "FAST හි සංවර්ධනය ස්වර්ණමය යුගයකට අවතීර්ණ වී තිබෙනවා. නිරීක්ෂණ උපකරණවල ස්ථාවර ක්‍රියාකාරිත්වය මේ සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ප්‍රමාණවත් නිරීක්ෂණ කාලය සහ කැපී පෙනෙන සංඥා ග්‍රහණය කිරීමේ හැකියාව අනෙකුත් ගුවන්විදුලි දුරේක්ෂවලට වඩා වේගයෙන් ක්‍රියා කිරීමට ඉඩ ලබා දී තිබෙනවා" යනුවෙනි.
නිරිතදිග චීනයේ, ගුයිෂෝ පළාතේ ස්වභාවිකව ගැඹුරු සහ වටකුරු කාර්ස්ට් ආවාටයේ පිහිටා ඇති FAST 2020 ජනවාරි මාසයේදී විධිමත් මෙහෙයුමක් ආරම්භ කළේය. එය ලොව සංවේදීම රේඩියෝ දුරේක්ෂය බව විශ්වාස කෙරේ.


popular news
-
Kumar Sunday, 24 July 2022 02:35 PM
may puwathapathey wadiaithiya dan thibenney cheena rajayatadha?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

