BTS හි K-pop තරුව ජින් හමුදා සේවයේ මූලික පුහුණුව නිම කරයි
- 19 01 2023
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
K-pop තරු පිරිවරා ගත් BTS සංගීත කණ්ඩායමේ පැරණිතම සාමාජිකයා දකුණු කොරියාවේ ඔහුගේ අනිවාර්ය හමුදා සේවයේ කොටසක් ලෙස සති පහක මූලික පුහුණුව සම්පූර්ණ කර තිබේ.
ජින් පසුගිය මාසයේ ඔහුව සේවයට බඳවා ගැනීමෙන් පසු ප්‍රථම වතාවට සිය සමාජ මාධ්‍ය ගිණුමක හමුදා නිල ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප තුනක් ෂෙයා කර ඇත.
“මම විනෝදයෙන් සිටිනවා. ඒ වගේම, හමුදාවේ අවසරය ඇතිව ඡායාරූපයක් පළ කළා” 30 හැවිරිදි ඔහු ලියා තිබුණි.
දකුණු කොරියාවේ හමුදා සේවය අනිවාර්ය වන අතර, වයස අවුරුදු 28 වනවිට නිරෝගී සියලුම පුරුෂයන් මාස 18ක හමුදා සේවය ඉටුකළ යුතුය.
ජින් 2022 දෙසැම්බර් 13 වැනි දින පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු වූ අතර, දකුණු කොරියානු හමුදාවට අනුව උතුරු පළාතක වූ හමුදා කඳවුරක සහකාර උපදේශකයෙකු ලෙස සේවය කිරීමට තෝරාගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
