64 වැනි වියෙහි පසුවන කාන්තාවක විසින් හොඳ සෞඛ්‍ය සම්පන්න නිවුන් දරු උපතක් සිදුකිරීමේ තරමක් කලාතුරකින් අසන්නට ලැබෙන පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි.
මෙවැනි දුර්ලභ අවස්ථාවලදී සාමාන්‍යයෙන් යොදා ගැනෙන සිසේරියන් සැත්කමක් මගින් දරු ප්‍රසූතිය සිදුකර ඇති බව ස්පාඤ්ඤ මාධ්‍ය පවසයි.
නම සඳහන් නොවන මෙම මවගේ ගර්භාෂය තුළ කෘත්‍රිම සංසේචනය කළ කළලයක් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ ඇමෙරිකාවේදීය.
2012 වසරේදීද මෙම කාන්තාවක දියණියක ප්‍රසූත කර ඇති අතර, පසුව සුබසාධන තත්ත්වයන් මත එම දරුවා සමාජ සේවා ආයතනය යටතේ හැදී වැඩෙන බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, අලුත උපන් දරුවන් සම්බන්ධයෙන්ද මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති අතර, මව මෙන්ම එම දරුවන්ද හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පමණක් වාර්තා වෙයි.
නිවුන් දරුවන් ලෙස මෙළොව එළිය දුටු පිරිමි දරුවා උපතේදී කි.ග්රෑ. 2.4ක්ද, ගැහැණු දරුවා කි.ග්රෑ.2.2ක්ද ලෙස බරින් යුතු වූ බවත් ස්පාඤ්ඤ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.